• (+94) 47-2251244
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • නියොජ්‍ය විදුහල්පතිතුමිය
      • සහකාර විදුහල්පතිවරු
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • පන්තිභාර ගුරුතුමා/තුමිය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

දකුණු ලක ගිරුවාපත්තුවට නව එළියක් දැල්වීමට මග සලසමින් බෙලිඅත්ත මහා විද්‍යාලය නම් වූ ශිල්පාගාරයේ ආරම්භය

1947 වර්ශයේ වෙසක් මස 05 වන දා පුජ්‍ය ඩබ්. පඤ්ඤාතිස්ස නා හිමියන් සහ දානපති කේ.එස්.ටී කරෝලිස් සිල්වා මැතිතුමා විසින් පරිත්‍යාග කරන ලද භූමියෙහි බෙලිඅත්ත ජුනියර් පාඨශාලාව ආරම්භ විය.

එකල සමාජ සේවා ආයතනයක් වු බාලාභිවෘද්ධි සාධක සමිතිය මගින් ඇරඹි මෙම පාසලේ මුල්ම ශිෂ්‍යයින් දෙදෙනා සහ ශිෂ්‍යාවන් දෙදෙනා අද කොතනක හෝ සිට ආඩම්බර වනු  නියතය.

පාසල ආරම්භ කරනු ලැබු අවස්ථාවේ පාසල් ගොඩනැගිල්ලේ වැඩ අවසන්ව නොතිබි බැවින් පෙ.ව 8.48 යෙදුණු සුභ මොහොතේ පඤ්ඤාසාර පිරිවෙන් ශාලාවේදී පාඨශාලාව ආරම්භ කෙරිනි.එහි මුල් ම විදුහල්පතිවරයා වීමේ ගෞරවය ලද්දේ එඩ්වින් සිල්වා මහතාය.

1957 දුරුතු මස තුන්වන දිනය ද විදුහල් මව්තුමියට තවත් අභිමානවත් සිහිවටනයකි.”The school is upgrade in to senior school and will know as H/ Beliatta Senior School “යනුවෙන් ඇයගේ ඉතිහාසය තුල එදින ලියවී ඇත.

රූමත් යෞවනයට  ඇයගේ යුග මෙහෙවර පරිනත බවට පත් වුයේ 1967 ඇසල මස 21 වන  දින දීය. රාජ්‍ය උප ඇමති  ගරු ඩී.ඩී අතපත්තු මැතිතුමා විසින් විද්‍යාලයේ නව රසායනාගාරය විවෘත කරමින් දරුවන්ට විද්‍යාලෝකය ලබාදීමට වරම් ලබා දී ඇත.  1972 වර්ෂයේ  අ.පො.ස (උ.පෙළ) පන්ති කරවීම කෙරෙනි. තවද 1975 වර්ෂයේදී බෙලිඅත්ත රාජ සභා නියෝජිත ගරු මහින්ද රාජපක්ෂ  මැතිතුමා අතින් උසස් පෙළ රසායනාගාරය  විවෘත කරමින් මෙම අංශය ප්‍රතිපුරණත්වයට පත් කරන ලදී.

විද්‍යාලයේ පරිපුර්ණත්වයට අවශ්‍ය බොහෝ අංග උපාංග 1970  දශකයේ එක් වී ඇත. 1977 දී උසස්පෙළ ගෘහ විද්‍යාව විෂය ධාරාවද  තම දරු කැලට ලබා දීමට පාසල් මාතාව පොහොසත් වුවාය.

1977 වෙසක් මස 5 වන  දින පාසල් පුස්තකාල ගොඩනැගිල්ල හා දන්ත චිකිත්සාගාරය විවෘත කිරීම බෙලිඅත්ත රාජ්‍ය සභා නියොජ්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිනි.

බෙලිඅත්ත විදුහල් මෑණීගෙන් සමාජයට ඉටු වු සේවාව තවත් වර්ධනය කිරීමේ අරමුණින් 1948.01.13 වන දින සිට මධ්‍ය මහා විද්‍යාලයක් බවට උසස් කෙරිනි.

පුරා වසර 37ක් මිශ්‍ර පාසලක් ලෙස පැවති බෙලිඅත්ත මැදි විදුහල් මාතාව සිය දයාබර දියණිවරුන්  තම සොයුරිය වන පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකාවට භාර දෙමින් 1995.01.03  වන දින සිට බාලක විද්‍යාලයක් බවට පත් විය.

පාසලට අඩු පාඩුවක් පැවති බුදු මැදුර 1997.02.24 වන දින කම්කරු හා වෘත්තිය පුහුණු ගරු ඇමති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත විය.

 බෙලිඅත්ත මැදි විදුහලේ මෑණිය 2021 ජුනි මස නව මාවතකට යොමු වෙමින් ජාතින පාසලක් බවට පත් විය.

 

ආරම්භ කළ වර්ෂය

1947 මැයි 05

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

04

මුල් ගුරුතුමාගේ නම

එඩ්වින් සිල්වා මහතාය

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බෙලිඅත්ත ජුනියර් පාඨශාලාව 

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් දිනය

1947 මැයි 05 දින

පාසල පැවැත්වූ ස්ථානය

 පඤ්ඤාසාර පිරිවෙන් ශාලාවේදී

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1947 මැයි 05 දින

 

 

 

 

Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය, බෙලිඅත්ත
  • දුරකථන(+94) 47 225 1244
  • ෆැක්ස්(+94) 47-2251244
  •         

Supported By

© 2026 Beliatta Central College . All rights reserved. Design with by Webcomms Global | Help Desk