විදුහල්පති පණිවිඩය
හ/බෙලිඅත්ත මධ්‍ය මහ විද්‍යාලය
නූතනය වන විට ලෝකයෙහි බොහෝ රටවල පමණක් නොව සෑම අංශයක් ම කාර්යක්ෂමව ඉටු කරගැනීම සඳහා තාක්ෂණය කෙරෙහි යොමුවීම දක්නට ලැබේ. එවන් අවධියක රටක්, ජාතියක් ලෙස ලාංකේය සමාජය ද ලෝකය සමඟ කටයුතු කිරීමට නම් ඉතා ඉක්මනින් තාක්ෂණය සමඟ යොමුවිය යුතුය. එය පටන්ගත යුත්තේ පාසලෙනි. ඒ සඳහා විදුහල්පතිවරයා ලෙස මා හට පැවරී ඇත්තේ විශාල වගකීමකි.
අද ලෝකය ම විශ්වගම්මානයක් වී අවසන්ය. ඒ සඳහා පාසලක් ලෙස දරුවන්ට අවැසි දැනුම නිසි මඟ පෙන්වීමක් යටතේ දරුවාට ම සොයාගැනීමට ඉඩ සලසා දීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් අප පාසලෙහි මෙම වෙබ් අඩවිය නිර්මාණය කොට ඇති අතර සුවහසක් ජාතියෙහි උන්නතිය වෙනුවෙන් දැනුමින් පිපාසිත සමාජයට මහත් අස්වැසිල්ලක් වේවායි !
ප්‍රාර්ථනා කරමි.
ආර්.එල්.වික්‍රමසූරිය,
විදුහල්පති,
බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය